වකුගඩු බද්ධ කිරීමේ සහයෝගතා පදනම

ඔබව සාදරයෙන් පිළිගනිමු

අජිත් ෆ්.පෙරේරා මැතිතුමා විසින් 2007 දී මෙම පදනම පිහිට වන ලද්දේ ප්‍රතිපාදන  හෝ වකුගඩුවක් බද්ද කිරීමට පරිත්‍යාගශීලී ඥාතියෙක් නොමැතිව මිය යන රෝගීන් ට පිහිට වීමටය. සෑම 10 යෙන් 8 දෙනෙක් වකුගඩුවක් නොමැතිව මිය ගියේය.

පිවිසෙන්න

"ජීවිතයක් බේරා ගැනීමේදී ලැබෙන තෘප්තියට වඩා ලොකු තෘප්තියක් මට අත්විඳිය නොහැක.
මෙතෙක් ජීවිත 12ක් රැක ගැනීමට හැකි වීම ගැන මට ඇත්තේ ඉමහත් ආඩම්බරයකි."

 

අජිත් ෆ්. පෙරේරා
ආරම්භක සභාපති

ලංකාවේ වකුගඩු රෝගීන්ගේ වර්තමාන තත්වය

වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී

Kidney Transplant Support Foundation

3500
කට අධික රෝගීන් සංඛ්‍යාවක් කාලික වකුගඩු අකරණය නොහොත් වකුගඩු රෝගයේ අවසන් අදියරයේ පෙලෙයි

Kidney Transplant Support Foundation

ලාංකික ජනගහනයෙන්
10% ක් පමණ වකුගඩු රෝගයෙන් පෙළෙයි

Kidney Transplant Support Foundation

වර්තමානයේ වසරකට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම
30 කට අධික ප්‍රමාණයක් සිදු කෙරෙයි

අපත් සමඟ සම්බන්ධ වී, අපට සහය දෙන ආයතන

ඔබේ පරිත්‍යාගයෙන් වෙනසක් සිදුකළ හැකියි

ජීවත්ව සිටියදී වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණ රැසකට යොමු කරයි. මෙයින් රෝගියා සහ දන් දෙන්නා ගැලපේ දැයි සංසන්දනය කෙරෙන අතර දන් දෙන්නා ද 100% ක් නිරෝගි දැයි පරික්ෂා කරන්නේ එක් ජීවිත්යක් රැක ගැනීමට තවත් ජීවිතයක් අනතුරකට භාජනය කිරීම අපේ අරමුණ නොවන නිසයි. බද්ධ කිරීම සිදුවන්නේ ඉන් පසුවයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න

ඔබව දන් දෙන්නන් ලියාපදින්චි කිරීමේ පෝරමය වෙත යොමු වනු ඇත

මියගිය පසුවත් ඔබගේ අවයවයන් වැදගත් වේ

අනතුරකට භාජනය වූ රෝගියෙකු කෘතිම ආශ්වාස ප්‍රාශ්වාස කරන යන්ත්‍රයකට සම්බන්ධ කර තිබියදී මොළය මියගියහොත් ඔහුගෙ හෘදය, වකුගඩු දෙක,අක්මාව, අග්න්‍යාශය, පෙනහළු, සහ බඩවැල්  ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙයි.

ස්වභාවික මරණයකදී අපට ලබා ගත හැකි වන්නේ ඇස්, අස්ථි සහ පටක යනාදිය පමණය. එහෙත් එම මරණයෙන් අපට ජීවිත 8ක් බේරාගැනීමට හැකිවන අතර රෝගීන් 50 දෙනෙකුට නීරෝගී සුවය ලබාදීමට හැක.

දැනට මියගිය පසු දන් දීමට කැමති පුද්ගලයන් යොමු වන්නේ අක්ෂි දාන සංගමයේ පටක බැංකුවටයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න

Latest Media

නවතම මාධ්‍ය වාර්තා

අප පදනමේ වැඩසටහන් සම්බන්ධව පුවත් පත්වල මෙතෙක් පලවුනු ලිපි

View all සියලු මාධ්‍ය View all