අප ගැන හැඳින්වීමක්

මුදල් ප්‍රතිපාදන නොමැතිව හෝ වකුගඩුවක් බද්ධ කිරීමට පරිත්‍යාගශීලියෙකු නොමැතිව රෝගීන් දස දෙනෙකුගෙන්  අට දෙනෙක් මියයන වකවානුවක එම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට සහය වනු වස් වසර 2007 දී ලාභ නොලබන පදනමක් ලෙස වකගඩු බද්ධ කිරීමේ සහයෝගතා පදනම ආරම්භ කරන ලදී. මිලියන 6ක් වැයකරමින් දිවයින පුරා දඩි සත්කාර ඒකක ඇති රෝහල් 20 කට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක 20ක් ලබාදී එතුලින් දන් දෙන්නන්ගේ විස්තර අන්තර්ජාලීය දත්ත ගබඩාවකට ඇතුළත් කිරීමෙන් වකුගඩු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරුන් ආදී වූ පාර්ශවකරුවන් සියල්ලටම ප්‍රවේශය විය හැකි දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීමට අප පදනම සෞඛය්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළබුණි.

රෝගීන්ගේ දත්තද මෙම දත්ත ගබඩාවටම ඇතුළත් කිරීමෙන් පසු පරිගණකගත ක්‍රියාවලියක් තුළින් රෝගියා ට සුදුසු දන්දෙන්නෙක් ගලපා සොයාගැනේ. මෙය කිසිදු මිනිස් ඇඟිලි ගැසීමකින් තොරව සිදුවන විවෘත, විනිවිද පෙනෙන ක්‍රියාවලියකි.

 

රෝගීන්ට කරන විශේෂ නිවේදනයයි

අපි රෝගීන් සමග සම්බන්ද නොවන බව කරුණාවෙන් සලකන්න. ඉදිරි පත් වන දන් දෙන්නන්, අපත් එක්ක සම්බන්ද වූ වෛද්‍ය වරුන්ට යොමු කරන අතර විශේෂඥ වකුගඩු වෛද්‍ය චුලා හේරත් මහතා සකස් කර ඇති ලකුණු ක්‍රමයට සුදුසුම රෝගියා තේරේ.  කරුණාකර අප ඇමතීමෙන් වළකින්න.

 

නිර්මාතෘ / ආරම්භක සභාපති

 

“ජීවිතයක් බේරාගැනීමේදී ලැබෙන තෘප්තියට වඩා ලොකු තෘප්තියක් මට අත්විඳිය නොහැක.
මෙතෙක් ජීවිත 12ක් බේරා ගත හැකි වීම ගැන මට ඇත්තේ ඉමහත් ආඩම්බරයකි.”

 

හොරණ ශ්‍රී පාලිය, විශාඛා විද්‍යාලය, ඇතුළු ජාතික පාසල් 5ක් ද, වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළුව රෝහල් 4ක් පරිත්‍යාග කළ  දානපති පෙළපතකින් පැවත එන අජිත් ෆ්. පෙරේරා මහතා ශ්‍රී පාලි මණ්ඩපය ද කොළඹ විශ්ව විද්‍යාලයට පිරිණමන ලදී. ඔහු ජේය්‍යෂ්ඨ පරිපාලකයෙකු සහ අලෙවි විශේෂඥයෙකුද වේ.

සොයිසා රෝහල් කමිටුවේ සේවය කරමින් සිටියදී වකුගඩු රෝගීන්ගේ ඛේදවාචකය අවබෝධ වී ඒ වෙනුවෙන් කටයුතු කරනු වස් අජිත් ෆ්. පෙරේරා මෙම පදනම අරඹන ලදී.

දැක්ම

වකුගඩුවක් හෝ වෙන ඕනෑම අවයවයක් නොමැතිව මරණයට පත් විය හැකි සියළුම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම අප දැක්මයි.

මෙහෙයුම

සෑම පුරවැසියෙකුටම ජීවත්ව සිටියදී හෝ මරණයෙන් පසුව ඉන්ද්‍රීය දන් දීමට අවස්ථා ලබාදී අප දැක්ම සඵල කර ගැනීම.

අප අරමුණු

ඉන්ද්‍රීය දන්දීමේ වටිනාකම රටේ සෑම පුරවැසියෙකුටම අවබෝධ කරදී, දන් දෙන්නන්ට දන් දීම තුළින් අවධානමක් නොවන බවත් පැහැදිලි කිරීම අපගේ අරමුණයි. දැනටමත් ඉන්ද්‍රියයන් දන්දී නිරෝගී සතුටු ජීවිත ගත කරන අයගේ අදහස් මින් තුළින් නංවාලීමට යොදා ගැනීමද අපගේ අරමුණයි.

තමන්ගේ නිරෝගීබව තහවුරු කිරීමට

දන් දීමට ප්‍රථම සෑම දන් දෙන්නෙක්ම වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කෙරේ.

 

රියැදුරන් අතර ඉන්ද්‍රීය දන්දීම දිරිගැන්වීම

සඳහා ඔවුන්ගේ රියැදුරු බලපත්‍ර වලට “Organ Donor” (ඉන්ද්‍රීය දන්දෙන්නෙක්) යන ලාංඡනය ඇතුළත් කිරීම.

ඔබේ පරිත්‍යාගයෙන් වෙනසක් සිදුකළ හැකියි

ජීවත්ව සිටියදී වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණ රැසකට යොමු කරයි. මෙයින් රෝගියා සහ දන් දෙන්නා ගැලපේ දැයි සංසන්දනය කෙරෙන අතර දන් දෙන්නා ද 100% ක් නිරෝගි දැයි පරික්ෂා කරන්නේ එක් ජීවිත්යක් රැක ගැනීමට තවත් ජීවිතයක් අනතුරකට භාජනය කිරීම අපේ අරමුණ නොවන නිසයි. බද්ධ කිරීම සිදුවන්නේ ඉන් පසුවයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න

ඔබව දන් දෙන්නන් ලියාපදින්චි කිරීමේ පෝරමය වෙත යොමු වනු ඇත

මියගිය පසුවත් ඔබගේ අවයවයන් වැදගත් වේ

අනතුරකට භාජනය වූ රෝගියෙකු කෘතිම ආශ්වාස ප්‍රාශ්වාස කරන යන්ත්‍රයකට සම්බන්ධ කර තිබියදී මොළය මියගියහොත් ඔහුගෙ හෘදය, වකුගඩු දෙක,අක්මාව, අග්න්‍යාශය, පෙනහළු, සහ බඩවැල්  ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙයි.

ස්වභාවික මරණයකදී අපට ලබා ගත හැකි වන්නේ ඇස්, අස්ථි සහ පටක යනාදිය පමණය. එහෙත් එම මරණයෙන් අපට ජීවිත 8ක් බේරාගැනීමට හැකිවන අතර රෝගීන් 50 දෙනෙකුට නීරෝගී සුවය ලබාදීමට හැක.

දැනට මියගිය පසු දන් දීමට කැමති පුද්ගලයන් යොමු වන්නේ අක්ෂි දාන සංගමයේ පටක බැංකුවටයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න