සෞඛ්‍ය අමාත්‍යාංශය,පෝෂණ හා දේශීය වෛද්‍ය – ඉන්ද්‍රීය දන්දීමේ වැඩසටහන දියත් කිරීම

2007 දී ස්ථාපිත කරන ලද අප පදනම, ජාතික ඉන්ද්‍රීය දන්දීමේ වැඩසටහන හා ඒ  සම්බන්ධ වූ මියගිය පසු අවයව සපයා ගැනීමේ වැඩසටහන ආදී වූ වැඩසටහන් නංවාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා  ගිවිසුමකට අත්සන් කල අතර, එමඟින් රෝගීන් ගණනාවකගේ ජීවිත බේරාගැනීමට හැකි වී ඇත.

 

වැඩි විස්තර සඳහා “අප ගැන හැඳින්වීමක්” පිටුවට යොමුවන්න.

 

ඔබේ පරිත්‍යාගයෙන් වෙනසක් සිදුකළ හැකියි

ජීවත්ව සිටියදී වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණ රැසකට යොමු කරයි. මෙයින් රෝගියා සහ දන් දෙන්නා ගැලපේ දැයි සංසන්දනය කෙරෙන අතර දන් දෙන්නා ද 100% ක් නිරෝගි දැයි පරික්ෂා කරන්නේ එක් ජීවිත්යක් රැක ගැනීමට තවත් ජීවිතයක් අනතුරකට භාජනය කිරීම අපේ අරමුණ නොවන නිසයි. බද්ධ කිරීම සිදුවන්නේ ඉන් පසුවයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න

ඔබව දන් දෙන්නන් ලියාපදින්චි කිරීමේ පෝරමය වෙත යොමු වනු ඇත

මියගිය පසුවත් ඔබගේ අවයවයන් වැදගත් වේ

අනතුරකට භාජනය වූ රෝගියෙකු කෘතිම ආශ්වාස ප්‍රාශ්වාස කරන යන්ත්‍රයකට සම්බන්ධ කර තිබියදී මොළය මියගියහොත් ඔහුගෙ හෘදය, වකුගඩු දෙක,අක්මාව, අග්න්‍යාශය, පෙනහළු, සහ බඩවැල්  ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙයි.

ස්වභාවික මරණයකදී අපට ලබා ගත හැකි වන්නේ ඇස්, අස්ථි සහ පටක යනාදිය පමණය. එහෙත් එම මරණයෙන් අපට ජීවිත 8ක් බේරාගැනීමට හැකිවන අතර රෝගීන් 50 දෙනෙකුට නීරෝගී සුවය ලබාදීමට හැක.

දැනට මියගිය පසු දන් දීමට කැමති පුද්ගලයන් යොමු වන්නේ අක්ෂි දාන සංගමයේ පටක බැංකුවටයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න