ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

මෙම අමාත්‍යාංශය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අතර සබන්ධීකරණ සහ සම්බන්ධතා කටයුතු වලදී අප පදනමට සහය ලබා දෙයි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය

රියැදුරු බලපත්‍රයක් අළුතින් ඉල්ලුම් කරන අය තම වෛද්‍ය සහතික පත් ලබා ගන්න අවස්ථාවේදී තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර දන් දීමේ සංඛේතය තමන්ගේ රියැදුරු බලපත්‍රයට ඇතුළත් කළ හැක.

රියැදුරු බලපත්‍රයක් අළුතින් ඉල්ලුම් කරන අය දන් දීමේ සංඛේතය තමන්ගේ රියැදුරු බලපත්‍රයට ඇතුළත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත්තම්, එය ඇතුල් කෙරේ.

 

මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටින ඉල්ලුම් කරුවන්ට කරන නිවේදනයක්.

 

ඔබේ පරිත්‍යාගයෙන් වෙනසක් සිදුකළ හැකියි

ජීවත්ව සිටියදී වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණ රැසකට යොමු කරයි. මෙයින් රෝගියා සහ දන් දෙන්නා ගැලපේ දැයි සංසන්දනය කෙරෙන අතර දන් දෙන්නා ද 100% ක් නිරෝගි දැයි පරික්ෂා කරන්නේ එක් ජීවිත්යක් රැක ගැනීමට තවත් ජීවිතයක් අනතුරකට භාජනය කිරීම අපේ අරමුණ නොවන නිසයි. බද්ධ කිරීම සිදුවන්නේ ඉන් පසුවයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න

ඔබව දන් දෙන්නන් ලියාපදින්චි කිරීමේ පෝරමය වෙත යොමු වනු ඇත

මියගිය පසුවත් ඔබගේ අවයවයන් වැදගත් වේ

අනතුරකට භාජනය වූ රෝගියෙකු කෘතිම ආශ්වාස ප්‍රාශ්වාස කරන යන්ත්‍රයකට සම්බන්ධ කර තිබියදී මොළය මියගියහොත් ඔහුගෙ හෘදය, වකුගඩු දෙක,අක්මාව, අග්න්‍යාශය, පෙනහළු, සහ බඩවැල්  ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙයි.

ස්වභාවික මරණයකදී අපට ලබා ගත හැකි වන්නේ ඇස්, අස්ථි සහ පටක යනාදිය පමණය. එහෙත් එම මරණයෙන් අපට ජීවිත 8ක් බේරාගැනීමට හැකිවන අතර රෝගීන් 50 දෙනෙකුට නීරෝගී සුවය ලබාදීමට හැක.

දැනට මියගිය පසු දන් දීමට කැමති පුද්ගලයන් යොමු වන්නේ අක්ෂි දාන සංගමයේ පටක බැංකුවටයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න