ජීවත්ව සිටියදී දන් දෙන්න

 

දන් දීමෙන් පසු කිසිඳු සෞඛ්‍ය ප්‍රශ්නයකින් තොරව සාමන්‍ය ජීවිතයක් ගත කළ හැකියි. දන් දීම සම්බන්ධයෙන් ඔබට වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් , මීට පෙර ඉන්ද්‍රියයන් දන් දී ඇති අය වෙත ඔබව යොමු කළ හැක.  ඔබගේ මෙම දන්දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තේ ඔබේ පවුලේ සාමාජිකයන්ගේ අනුදැනුම සහ සහයෝගය මතයි.

ඔවුන්ගේ ආශිර්වාදය තුලින් ඔබටත්, එම ඉන්ද්‍රිය බලාපොරොත්තු වෙන් සිටින රොගියාට මතුවිය හැකි ගැටළු මඟ හැරෙණු ඇත.

වකුගඩු බද්ධ කිරීමේ සහයෝගතා පදනම
අවයව දන් දීමට ලියාපදිංචි වීමේ පෝරමය

(1987 අවයව පටක ප්‍රථිබද්ධ පනත  අංක  48 වගන්තිය යටතේ)

සම්පූර්ණ පෝරමය ලබා ගන්න.

ජීවත්ව සිටියදී දන්දෙන්නෙකු ලෙස අදාල සියළු විස්තර ඇතුළත් කර, මෙම පෝරමයද පුරවා අප වෙත තැපැල් කළ යුතු අතර එයට සාක්ෂි දැරිය යුත්තේ ඔබගේ ලඟම ඥාතින්
දෙදෙනෙකු විය යුතු බව සැලකිය යුතුයි. සම්පූර්ණ කළ පෝරමයන් පහත දක්වා ඇති ලිපිනයට තැපැල් කරන්න.

බාගත කරන්න

මූල්‍යමය ආධාර

වකුගඩු බද්ධ කිරීමේ සහයෝගතා පදනම පවත්වා ගෙන යාමට පරිත්‍යාග කරන්න.

වකුගඩු බද්ධ කිරීමේ සහයෝගතා පදනම දැනට පවත්වා ගෙන යනු ලබන්නේ එහි නිර්මාතෘගේ පෞද්ගලික අරමුදල් යොදාගෙන අතර, තව දුරටත් මෙම කටයුත්ත කර ගෙන යාම අසීරු කාරණයක් වී ඇති බැවින්, පදනම නංවාලීම සඳහාත්, තව තවත් ජීවිත බේරා ගැනීමේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාමටත්, ඔබගේ පරිත්‍යගශීලී ආධාර අපට විශාල රුකුලක් වනු ඇත.  

 

ආධාර පහත ගිණුම වෙත බැර කළ හැක.

 

අජිත්.ෆ්.පෙරේරා

කොමර්ෂල් බැංකුව – කොල්ලුපිටිය ශාඛාව

ගිනුම් අංකය: 1109891801

 

මරණයෙන් පසු දන්දෙන්නන් සඳහා

අනතුරකට භාජනය වූ රෝගියෙකු කෘතිම ආශ්වාස ප්‍රාශ්වාස කරන යන්ත්‍රයකට සම්බන්ධ කර තිබියදී මොළය මියගියහොත් ඔහුගෙ හෘදය, වකුගඩු දෙක,අක්මාව, අග්න්‍යාශය, පෙනහළු, සහ බඩවැල්  ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙයි.

ස්වභාවික මරණයකදී අපට ලබා ගත හැකි වන්නේ ඇස්, අස්ථි සහ පටක යනාදිය පමණය. එහෙත් එම මරණයෙන් අපට ජීවිත 8ක් බේරාගැනීමට හැකිවන අතර රෝගීන් 50 දෙනෙකුට නීරෝගී සුවය ලබාදීමට හැක.

 

දැනට මියගිය පසු ඉන්ද්‍රියයන් දන්දෙන්න කැමති පුද්ගලයන් යොමු විය යුත්තේ අක්ෂිදාන සංගමයේ පටක බැංකුවට පමණයි.

 

පටක බැංකුව වෙත යොමු වන්න.