දැනට අපත් එක්ක සම්බන්දව, අපේ අරමුණ කරා රැගෙන යන, අපට සහය දෙන ආයතන

අපට සහය දෙන අපගේ හවුල්කරු – ශ්‍රී ලංකා ජාතික වකුගඩු පදනම

(2006 අංක 34 පාර්ලිමේන්තු පනත යටතේ ස්ථාපිත කර ඇත)

1997 දී ආරම්භක සභාපති වෛද්‍ය ඒ. එම්. එල්. බෙලිගස්වත්තගේ ප්‍රධානත්වයෙන් සහ ලේකම් වෛද්‍ය තිලක් අබේසේකරගේ සහයෙන් ඇරඹුණ ශ්‍රී ලංකා ජාතික වකුගඩු පදනම, රටේ විශලතම වකුගඩු ඒකක 2ක වන මහනුවර සහ අනුරාධපුර ඒකක ස්ථාපිත කිරීමට මූලික විය.

මහනුවර ඒකකය

සෞඛ්‍ය අමාත්‍යාංශය,පෝෂණ හා දේශීය වෛද්‍ය – ඉන්ද්‍රීය දන්දීමේ වැඩසටහන දියත් කිරීම

2007 දී ස්ථාපිත කරන ලද අප පදනම, ජාතික ඉන්ද්‍රීය දන්දීමේ වැඩසටහන හ ඒ හා සම්බන්ධ වූ මියගිය පසු අවයව සපයා ගැනීමේ වැඩසටහන ආදී වූ වැඩසටහන් නංවාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා  ගිවිසුමකට අත්සන් කල අතර, එමඟින් රෝගීන් ගණනාවකගේ ජීවිත බේරාගැනීමට හැකි වී ඇත.

 

වැඩි විස්තර සඳහා “අප ගැන හැඳින්වීමක්” පිටුවට යොමුවන්න.

වකුගඩු පදනම් පිළිබඳ ජාත්‍යන්තර සංසදය

අවසාන අධියරයේ පසුවන වකුගඩු රෝගීන්ගේ ජීවිත බේර ගැනීම සඳහා මහජනතාවට අවස්ථාවක් ලබා දෙන නව්‍ය වූත් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යවූත් වැඩසටහනක් ආරම්භ කර එය නංවා ලීම අගයනු වස් වකුගඩු පදනම් පිළිබඳ ජාත්‍යන්තර සංසදයේ පුරෝගාමියා වූ  මහාචාර්ය ජොයෙල් ඩී කොපෙල් මහතා නමින් පළමු වරට ප්‍රදානය කරන ජොයෙල් ඩී කොපෙල් සම්මානය අප පදනම වෙත ප්‍රදානය කල අවස්ඨාව.

ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

මෙම අමාත්‍යාංශය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අතර සබන්ධීකරණ සහ සම්බන්ධතා කටයුතු වලදී අප පදනමට සහය ලබා දෙයි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය – රියැදුරු බලපත්‍රයක් අළුතින් ඉල්ලුම් කරන අය තම වෛද්‍ය සහතික පත් ලබා ගන්න අවස්ථාවේදී තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර දන් දීමේ සංඛේතය තමන්ගේ රියැදුරු බලපත්‍රයට ඇතුළත් කළ හැක.

රියැදුරු බලපත්‍රයක් අළුතින් ඉල්ලුම් කරන අය දන් දීමේ සංඛේතය තමන්ගේ රියැදුරු බලපත්‍රයට ඇතුළත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත්තම්, එය ඇතුල් කෙරේ.

 

මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටින ඉල්ලුම් කරුවන්ට කරන නිවේදනයක්.

 

ශ්‍රී ලංකා පොලීසිය

ශ්‍රී ලංකා පොලීසියද අප වැඩසටහනට සහය වෙමින් දරුණු අනතුරු වලට බාජනය වන්නන්ගේ රියදුරු බලපත්‍ර පරීක්ෂා කර, එහි ඉන්ද්‍රීය දන් දෙන්නෙක් ලෙස දක්වා ඇත්නම් ඔවුන් රැගෙන යන රෝහල් වලට ඒ බව දන්වනු ලබයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිතුමා සහ ප්‍රවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ ද ආශිර්වාදය මතයි. නියෝජ්‍ය පොලිස්පතිතුමන් විසින සියළු පොලිස් ස්ථාන සහ පොලිස් නිලදාරීන්ට දැනුම් දුන් චක්‍රලේඛය පහත දක්වා ඇත.

 

මෝබිටෙල්, ඩයලොග්, එටිසලාට්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිසම් සභාවේ අනුමැතිය ඇතිව ඉහත සඳහන් ආයතන ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ඉන්ද්‍රීය දන්දීම සම්බන්ධ විස්තර කෙටි පණිවිඩයක් මඟින් දැන්වීම.

මිනිස් පටක බැංකුව

මියගිය පසු ඉන්ද්‍රියයන් රැස් කර ගන්නා  ප්‍රධාන ආයතනය වන මිනිස් පටක බැංකුව වෙත මිය යාමෙන් පසුව ඉන්ද්‍රියයන් දන් දීමට කැමැති අය, අප විසින් යොමු කෙරෙනු ඇත. ඔවුන් ප්‍රයෝජනයට ගත හැකි සියළු ඉන්ද්‍රියයන් ලබාගෙන මෘතදේහය යළිත් පවුලේ ඥාතීන් වෙත භාර දෙනු ලැබේ. වැඩි විස්තර සඳහා ඔවුන්ගේ  htb.mobitel.lk වෙබ් අඩවිය වෙත හෝ www.eyedonation.slt.lk යන වෙබ් අඩවිය වෙත යොමු වන්න.

ඔබේ පරිත්‍යාගයෙන් වෙනසක් සිදුකළ හැකියි

ජීවත්ව සිටියදී වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණ රැසකට යොමු කරයි. මෙයින් රෝගියා සහ දන් දෙන්නා ගැලපේ දැයි සංසන්දනය කෙරෙන අතර දන් දෙන්නා ද 100% ක් නිරෝගි දැයි පරික්ෂා කරන්නේ එක් ජීවිත්යක් රැක ගැනීමට තවත් ජීවිතයක් අනතුරකට භාජනය කිරීම අපේ අරමුණ නොවන නිසයි. බද්ධ කිරීම සිදුවන්නේ ඉන් පසුවයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න

ඔබව දන් දෙන්නන් ලියාපදින්චි කිරීමේ පෝරමය වෙත යොමු වනු ඇත

මියගිය පසුවත් ඔබගේ අවයවයන් වැදගත් වේ

අනතුරකට භාජනය වූ රෝගියෙකු කෘතිම ආශ්වාස ප්‍රාශ්වාස කරන යන්ත්‍රයකට සම්බන්ධ කර තිබියදී මොළය මියගියහොත් ඔහුගෙ හෘදය, වකුගඩු දෙක,අක්මාව, අග්න්‍යාශය, පෙනහළු, සහ බඩවැල්  ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙයි.

ස්වභාවික මරණයකදී අපට ලබා ගත හැකි වන්නේ ඇස්, අස්ථි සහ පටක යනාදිය පමණය. එහෙත් එම මරණයෙන් අපට ජීවිත 8ක් බේරාගැනීමට හැකිවන අතර රෝගීන් 50 දෙනෙකුට නීරෝගී සුවය ලබාදීමට හැක.

දැනට මියගිය පසු දන් දීමට කැමති පුද්ගලයන් යොමු වන්නේ අක්ෂි දාන සංගමයේ පටක බැංකුවටයි

 

දන් දීමට ඉදිරිපත් වෙන්න